ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඓතිහාසික ජයක්

ඉතිහාසයේ පළමු වරට එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව 20/20 තරගාවලි ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (06) සමත්විය.

එංගලන්තයේ දී ඊයේ පැවති තෙවන 20/20 තරගය කඩුලු 7කින් ජයගනිමිනි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 19ක් තුළ සියලු ක්‍රීඩිකාවන් දැවී ලබාගත්තේ ලකුණු 116ක් පමණි.

පන්දු යැවීමේදී චමරි අතපත්තු කඩුලු 03ක් බිඳ හෙළීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් පන්දුවාර 17ක් අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 117ක් ලබා සිය ජයග්‍රහණය වාර්තා කළාය.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූවාය.

ඇය මෙම තරගාවලියේ දී ලකුණු 114 ක් රැස් කළ අතර, කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

Sri Lanka women vs England Women

 

Share This