චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9කට අත්සන් තැබේ

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9කට අත්සන් තැබේ

චීනය හා ශ්‍රී ලංකාව අතර නව ගිවිසුම් 9ක් අත්සන් තබා තිබේ.

චීන අග්‍රාමාත්‍ය ලී ක්වැන්ග් මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුම් අත්සන් කර ඇති බව සඳහන්ය.

චීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තියන්මාන් චතුරස්‍රයේ රණවිරු ස්මාරකයේදී දිවිපිදූ රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව ද්විපාර්ශවීක සාකච්ඡා පවත්වා තිබේ.

ද්විපාර්ශවීක සාකච්ඡා වලදී ආර්ථික, සහයෝගිතාවයට අමතරව සමාජයීය, සංස්කෘතික, අධ්‍යාපන සහ කෘෂි ක්ෂේත්‍රයන්හි සමස්ථ සහයෝගිතාව ඇති කිරීම පිළිබඳව වැඩි අවධානය යොමුකළ බව සඳහන්ය.

දෙරට අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් නවයක් මඟින් ශ්‍රී ලංකාව සහ චීනය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් ඇතිවන බව දෙරටේ අග්‍රාමාත්‍යවරු මෙහිදී සනාථ කර තිබේ.

Share This