කිලිනොච්චියෙ ළිදකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

කිලිනොච්චියෙ ළිදකින් පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුවෙයි

කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි.

නියඟය හේතුවෙන් ළිං වල ජල මට්ටම අඩුවීමත් සමඟ පුපුරණ ද්‍රව්‍ය මතුව ඇති අතර ඒ පිළිබඳ ඉඩමේ හිමිකරු විසින් පොලිසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබේ.

ළිඳතුල තිබී ආර්.පි.ජි උණ්ඩ 60 ක්, මිලිමීටර 40 වර්ගයේ මෝටාර් උණ්ඩ 24 ක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක් සොයාගෙන තිබේ.

Share This