ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරට කොළඹ සරසවියත්

ලොව හොඳම විශ්වවිද්‍යාල දහස අතරට කොළඹ සරසවියත්

මේ වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට කොළඹ විශ්වවිද්‍යාලය තේරී තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අංක එක ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලය තේරී පත්ව තිබෙන අතර මෙම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ විශ්වවිද්‍යාලය මෙසේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය 951-1000 ස්ථානයට පැමිණ තිබේ. මින් පෙර වසරේදී කොළඹ විශ්විවිද්‍යාලය පැවැතියේ 1001ත් 1200ත් අතරය.

මීට අමතරව පසුගිය වසරේදී ලැයිස්තුවට ඇතුළත් නොවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර 1201-1400ත් අතරට පැමිණ තිබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ පැවැති 1201-1400ත් අතර ස්ථානයේ මෙවරත් රැඳී සිටියි.

මෙම වර්ගීකරණය මේ මාසයේදී සිදු කර තිබෙන නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් 14,000කට අධික සංඛ්‍යාවක් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රහණය සමස්ත සිසුන්ගේ, අධ්‍යයන අනධ්‍යයන සියලු සේවකයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවට උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

Share This