කේක් කිලෝවක් රුපියල් 400කට දෙන්න පුළුවන් විදිය ගැන සභාපති කියයි

කේක් කිලෝවක් රුපියල් 400කට දෙන්න පුළුවන් විදිය ගැන සභාපති කියයි

බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි.

දැනට හොඳ තත්ත්වයේ කේක් කිලෝවක මිල රුපියල් 1000ක් පමණ වන බවත් බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් පහත දැමිය හැකි බව ද ඔහු කියයි.

මාජරින් කිලෝවක් සඳහා පනවා ඇති රුපියල් 900ක බද්ද ඉවත් කරන්නේ නම් කේක් කිලෝවක් රුපියල් 400කට ලබා දිය හැකි බව ද ඔහු පවසයි.