පොලීසියට පාට් දැමූ ජීවන් තොන්ඩමන්ට එරෙහිව නීතීඥ හිරණ්‍යා හේරත්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

පොලීසියට පාට් දැමූ ජීවන් තොන්ඩමන්ට එරෙහිව නීතීඥ හිරණ්‍යා හේරත්ගෙන් පොලිසියට පැමිණිල්ලක්

බැංකු ගිණුම් ශේෂ පත්‍රිකාවක් ලබා දෙන්නයි ඉල්ලා බොගවන්තලාව මුල්‍ය ආයතනයක කළමණාකරුට බැන තර්ජනය කිරීමේ සිද්දියකට අදාළව බොගවන්තලාව පොලීසිය විසින් 2023-6-23 දින තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

සිද්ධිය වූ අවස්ථාවේ එම තරුණයා කලහකාරී ලෙස හැසිරුණා යැයි පවසමින් පොලීසිය මොහුට පහර දී තිබුණා.

මෙම සිද්ධියට අදාලව අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා සහ පොලිසීය අතර ද මත ගැටුමක් ද නිර්මාණය වී තිබුණි.

මෙම තරුණයා අත්අඩංගුවට ගැනීමේදී අදාල තරුණයාට පොලීසිය පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

තවද අදාල තරුණයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රාජකාරීයේ නිරතව සිටි පොලිස් නිළධාරීන් අපහසුතාවයට පත්වන අයුරින් ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා බොගවන්තලාව නගරයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසද හිරන්‍යා හේරත් මහත්මිය අදාල පැමිණිල්ලෙන් දැනුම්දී තිබෙනවා.

මේ අතර, හඟුරන්කෙත ප්‍රදේශයේදී 22 හැවිරිදි තරුණයෙකුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව කුපිත වූ ප්‍රදේශවාසීන් පොලිස් ස්ථානය වටලා විරෝධතා දැක්වීම හේතුවෙන් පොලිසිය අහසට වෙඩි තබා පිරිස විසුරවා හැරීමට කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන්ද විමර්ශනයක් කර නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිඥ හිරණ්‍යා හේරත් මහත්මිය සිය පැමිණිල්ලෙන් දැනුම් දී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ හිරණ්‍යා හේරත් මහත්මිය මෙසේ ද ප්‍රකාශ කළාය…

“පසුගිය 23 වන දා බගවන්තලාව මූල්‍ය ආයතනයකින් බැංකු ශේෂ පත්‍රයක් ඉල්ලා ගැනීම සම්බන්ධයෙන් එක්තරා තරුණයෙක් අදාල මූල්‍ය ආයතනයේ කළමණාකරුට බැන තර්ජනය කළ බව පොලිසිය කියනවා.

එම සිද්ධියට අදාලව පොලිසිය තරුණයා අත්තඩංගුවට ගන්නා අවස්ථාවේ දී කලහාකාරී ලෙස හැසිරුනා කියමින් පොලිසිය එම තරුණයාට පහරදීමක් සිදු කර තිබෙනවා.

මේ සිද්ධිය සිදුවන වෙලාවේ එතන සිවිල් ඇඳුමෙන් සැරසුණූ පොලිස් නිලධාරීයෙක් එම තරුණයාට බැන වදිමින් පහර දෙනවා.

රටේ පවතින නීතිය අනුව අත්තඩංගුවට ගන්නා අවස්ථාවේ දී කිසිම පුද්ගලයෙකුට මෙවැනි පහරදීමක් සිදු කරන්න බැ.

අපි ඉල්ලීමක් කරනවා නුවරඑළිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් මෙම පහරදීම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කරලා අදාල සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා.

ඒ වගේම, මේ සිද්ධියේ දී රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් අපහසුතාවට පත්වෙන විදියට ජීවන් තොන්ඩමන් අමාත්‍යවරයා බොගවන්තලාව නගරයේ දී පොලිස් නිලධාරීන්ට බැන තර්ජනය කර තිබෙනවා.

මේ වගේ සිද්ධියක් උනාම ඒකෙන් දේශපාලන වාසි ලබාගන්නා අරමුණින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාවන අයුරින් තර්ජනය කරන්න අමාත්‍යවරයෙකුට නීතිමය අයිතියක් නෑ.

ඒ නිසා, මේ සම්බන්ධයෙනුත් විමර්ශනයක් කරලා අමාත්‍යවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි අපි ඉල්ලා සිටිනවා.”

Share This