ඇමති ටිරාන්ගෙන් CID යට නියෝගයක්

ඇමති ටිරාන්ගෙන් CID යට නියෝගයක්

මුලතිව් දිසා විනිසුරුවරයා සේවයෙන් ඉවත්වී රට හැරයාම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර තිබේ.

තමන්ට බලපෑම් සහ මරණ තර්ජන එල්ල වන බව පවසමින් මුලතිව් දිසා විනිසුරු ටී.සරවනරාජා මහතා පසුගියදා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්ද පසුගියදා උපදෙස් ලබාදුනි.