ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 128ක සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 128ක සුපිරි ජයක්

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අවසන් තරගයෙන් නෙදර්ලන්තය පරදා ලකුණු 128ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (09) අද සමත්වුනි.

හරාරේහීදි පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් නෙදර්ලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එහිදී පන්දුවාර 47යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 233ක් පමණයි

ජයග්‍රහණය සඳහා ලකුණු 234 ක ඉලක්කය හඹාගිය නෙදර්ලන්ත පිල ඕවර 23.3 කදී ලකුණු 105 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

වේග පන්දු යවන ඩිල්ෂාන් මධුසංඛ දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ඉදිරි පෙළ කඩුලු 3 ක් දවාගනිමින් නෙදර්ලන්ත බලාපොරොත්තු බිඳ දැමීය.

සිය දෙවැනි එක්දින තරගයට සහභාගි වූ සහන් ආරච්චිගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 71 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල ඕවර 47.5 කදී සියලු දෙනා දැවී 233 (පැතුම් නිස්සංක 23, සදීර සමරවික්‍රම 19, කුසල් මෙන්ඩිස් 43, සහන් ආරච්චිගේ 57, චරිත් අසලංක 36, වනිඳු හසරංග 29, ලොගන් වෑන් බී්‍රක් 40/2, වික්‍රම්ජිත් සිං 12/2, රයන් ක්ලීලින් 42/2, සකීබ් ෂුල්ෆිකාර් 59/2) නෙදර්ලන්ත පිල ඕවර 23.3 කදී සියලු දෙනා දැවී 105 (මැක්ස් ඕඩොවුඩ් 33, ඩිල්ෂාන් මධුසංඛ 18/3, වනිඳු හසරංග 35/2, මහීෂ් තීක්‍ෂණ 31/4)