බම්බලපිටියේ බිහිසුණු බස් අනතුරක්

බම්බලපිටියේ බිහිසුණු බස් අනතුරක්

බම්බලපිටිය පොලිස් වසමේ ඩුප්ලිකේෂන් පාර ජුබිලි බුලස් හංදියේ දී කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් තුම්මුල්ල දෙස සිට පැමිණි ලොරියක ගැටී අද (14) අළුයම අනතුරක් සිදු වී තිබේ.

මෙම අනතුරින් බස් රථය පෙරලී ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් 08 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලැබු අය අතර කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ සිට කතරගම බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථය විදුලි පහන් සංඥා නොතකා ධාවනය කිරීමත් සමගම සංඥා වලට අවනතව ප්‍රතිවිරුද්ධ දිසාවෙන් ධාවනය වූ ලොරි රථයේ ගැටී මෙම අනතුර සිදු වී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.