මාස 9 බිළිඳිය ළිඳට දමා ඝාතනය කළ මව අත්අඩංගුවට

මාස 9 බිළිඳිය ළිඳට දමා ඝාතනය කළ මව අත්අඩංගුවට

මහබාගේ පොලිස් වසමේ හලන්දුරුව පාර, රාගම ප්‍රදේශයේ මාස 9ක බිළිඳියක ළිඳට දමා ඝාතනය කළ බවට බිළිදියගේ මව සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 30ක්වූ හලන්දුරුව පාර, රාගම ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඊයේ (28) උදෑසන ඝාතනයට ලක්වූ බිළිඳිය කවුරුන් හෝ රැගෙන ගොස් ඇති බව සඳහන් කරමින් බිළිදියගේ පියා විසින් මහබාගේ පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබේ.

ඒ අනුව, පොලිසියට ලද පැමිණිල්ල අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී බිළිදිය ඇතුළු පවුලේ පිරිස පදිංචිව සිටි නිවස ආසන්නයේ ඇති ළිඳක් තුළ තිබී බිළිදියගේ මෘත ශරීරය හමු වී ඇති බව පොලිසිය පැවසීය.

පසුව කළ සොයාබැලීමේ දී සී.සී.ටී.වී දර්ශන අනුව ළදැරිය ගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිද පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී ඇත.

ඒ අනුව, සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී ඇත්තේ බිළිදියගේ මව විසින් බිළිඳියව ළිඳට දමා ඇති බවය.

වැලිසර වැඩ බලන මහේස්ත්‍රාත් වරයා විසින් සිදු කල ස්ථානීය පරීකෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසිය ට උපදෙස් දී ඇත.

මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Share This