පළාත් කිහිපයකට අද මිලි මීටර 75ට වැඩි තද වැසි

පළාත් කිහිපයකට අද මිලි මීටර 75ට වැඩි තද වැසි

අද (24) දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම, බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ යන පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මීටර 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කරන බවද මෙම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි..