බස් ගාස්තු වැඩි කරන්නැයි ලිඛිත ඉල්ලීමක්

බස් ගාස්තු වැඩි කරන්නැයි ලිඛිත ඉල්ලීමක්

බස් ගාස්තු ඉහළ දමන ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අද (02) ලිඛිතව දැනුම් දෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

ඩීසල් මිල ඉහළ යාම මෙන්ම වැට් බදු ඉහළ දැමීම වැනි කරණු කිහිපයක් හේතුවෙන් බස් ගාස්තු වැඩිවිය යුතු බවයි, එහි සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ.

කෙසේවෙතත්, ජාතික ගමනා ගමන කොමිෂන් සභාව ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බස් ගාස්තු වැඩි කිරීමක් සිදු නොවන බවය.