ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙන්න තවත් ක්‍රීඩකයින් 03 ක් සිම්බාබ්වේට යවයි

ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වෙන්න තවත් ක්‍රීඩකයින් 03 ක් සිම්බාබ්වේට යවයි

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගවලට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා එක්වීම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙක්ව සිම්බාබ්වේ වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, ‘standby options’ හෙවත් යම් නිත්‍ය ක්‍රීඩකයෙක් ආබාධයකට ලක් වුවහොත් කණ්ඩායමට එක්කිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස පිටත් කර යවන බවයි.

ඒ අනුව, ඩිල්ශාන් මධුශංක, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ ජූනි 23 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වීමට නියමිතය.