කතානායකට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහය

කතානායකට එරෙහි විශ්වාසභංගයට උත්තර ලංකා සභාගයේ සහය

කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ප්‍රමුඛ උත්තර ලංකා සභාගයද සහය දැක්වීමට තීරණය කර තිබේ.එම කණ්ඩායම ඊයේ (26) රැස්වී මෙම තීරණය ගෙන ඇත

මාර්ගගත සුරක්ෂිත තාව පිළිබඳ පනත් කෙටුම්පත සම්මත කිරීමේදී කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් විපක්ෂය විසින් ගෙන එනු ලැබීමට නියමිත විශ්වාසභංග යෝජනාවට මේ දිනවල අත්සන් ලබා ගනිමින් සිටී.

මෙම විශ්වාසභංග යෝජනාව ලබන මස 05 වනදාට පෙර පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත භාරදීමට විපක්ෂය සැලසුම් කර තිබෙනවා.

Share This