WWE සුපිරි තරුව Bray Wyatt දිවියෙන් සමුගනී

WWE සුපිරි තරුව Bray Wyatt දිවියෙන් සමුගනී

WWE තරුවක් වන බ්රේ වියට් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

මියයන විට 36 හැවිරිදි වියේ පසු වූ බ්රේ වියට් හදිසි හෘදයාබාධයකින් ඊයේ (24) මියගොස් ඇති බවයි තොරතරු වාර්තා වන්නේ.

2017 දී WWE ශූරයා වීම ඇතුළුව WWE හි බොහෝ ජයග්‍රහණ හිමිකර ගැනීමට ඔහු සමත්ව තිබුණා.

රෙස්ලිං පිටියේ ඔහු බ්රේ වියට් ලෙස හැඳින්වූ ද ‘වින්ඩ්හැම් රොටුන්ඩා’ ඔහුගේ සැබෑ නම වනවා.

ඔහු පසුගිය මාස කිහිපය තුළ අනාවරණය නොකළ සෞඛ්‍ය ගැටලුවක් මත WWE රෙස්ලිං පිටියෙන් ඉවත්ව සිටි බවයි තොරතරු වාර්තා වන්නේ.

මේ අතර මෙම වසර මුල දී බ්රේ වියට් හට කොවිඩ් ආසාදනය වී ඇති බවත් එය ඔහුගේ හදවතේ බරපතල සංකූලතා ඇති කළ බවත් මේ වනවිට තොරතරු අනාවරණය වී තිබෙනවා.

Share This