බෝට්ටුවක් පෙරළී සිසුන් 12 ක් මරුට

බෝට්ටුවක් පෙරළී සිසුන් 12 ක් මරුට

බටහිර ඉන්දියාවේ දී, පාසල් විනෝද චාරිකාවක නිරත වෙමින් තිබූ තිබූ බෝට්ටුවක් පෙරළී සිසුන් 12 දෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගුජරාට් ප්‍රාන්තයේ Vadodaraහි Harni විලෙහි දී මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවූ අවස්ථාවේ බෝට්ටුවේ පුද්ගලයින් 31 දෙනෙකු පමණ සිටි බව සඳහන්.

අනතුරින් තවත් පුද්ගලයින් 07 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බව තවදුරටත් වාර්තා වෙයි.

එමෙන්ම, බෝට්ටුවේ ගමන් කළ පුද්ගලයින් ජීවිතාරක්ෂක කබා පැළඳ නොසිට ඇති බවද පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ගුජරාට් ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍ර පටෙල් පවසන්නේ, මියගිය අයගේ පවුල්වලට ප්‍රාන්ත රජය මගින් ඩොලර් 4,800ක් සහ අනතුරෙන් තුවාල ලැබූවන්ගේ පවුල් සඳහා ඩොලර් 600 ලබාදීමට කටයුතු කරන බවයි.

Share This