අනුරාධපුර හා බෙලි අත්ත අතර විශේෂ දුම්රියක් ධාවනයට

අනුරාධපුර හා බෙලි අත්ත අතර විශේෂ දුම්රියක් ධාවනයට

අනුරාධපුර රුවන්වැලි මහා සෑය අසළදී පැවැත්වීමට නියමිත මහා අරියවංශ දේශනාව ආගමික වැඩසටහන වෙනුවෙන් එක්වීමට නියමිත බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් බෙලිඅත්ත – කොළඹ කොටුව – අනුරාධපුර දක්වා විශේෂ දුම්රියක් ධාවනය කරවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

එසේම, මෙම ආගමික වැඩසටහන සඳහා මහනුවර සිට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් මහනුවරින් පෙරවරු 6.50ට කොළඹ කොටුව දක්වා ගමන් ආරම්භ කරන දුම්රියෙන් පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණ මෙම විශේෂ දුම්රියට පැමිණීමේ අවස්ථාව සලසා ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එසේම මෙම දුම්රිය තුළ මහා සංඝරත්නය වෙනුවෙන් විශේෂ දුම්රිය මැදිරියක්ද වෙන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දෙසැම්බර් 30 දා

බෙලි අත්තෙන් ගමන් ආරම්භ කිරීම – පෙ.ව. 4.15

කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව. 8.15

පොල්ගහවෙලින් පිටත්වීම – පෙ.ව. 9.40

අනුරාධපුරයට ළගා වීම – පස්වරු 1.10

දෙසැම්බර් 31 දා

අනුරාධපුයෙන් ගමන් ආරම්භ කිරීම – පෙ.ව. 9.30

පොල්ගහවෙලින් පිටත්වීම කොටුවෙන් පිටත්වීම – ප.ව. 12.30

කොළඹ කොටුවෙන් පිටත්වීම – පෙ.ව. 15.10

බෙලි අත්තලට ළගා වීම – පස්වරු 19.20