BMICH අසල සැකකටයුතු මරණයක්

BMICH අසල සැකකටයුතු මරණයක්

කුරුඳුවත්ත පොලිස් වසමේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අසල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙන බව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇති පුද්ගලයා රාවතාවත්ත, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 39 හැවිරිදි අයෙකු බවයි, පොලිසිය සඳහන් කළේ.

කුරුඳුවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (24) අලුයම් කාලයේදීයි, එම සිරුර සොයාගෙන ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මෘත ශරීරය ඥාතීන් වෙත භාරදී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.