කටුකුරුන්දේ ඝාතන සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

කටුකුරුන්දේ ඝාතන සිද්ධියට තිදෙනෙක් අත්අඩංගුවට

කටුකුරුන්දේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ‍‍යෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 20 වනදා කටුකුරුන්ද ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙ‍ෙනකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට ‍වෙඩි තබා ඝාතනය කර පළා ගොස් තිබුණා.

ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයෙන් පසු මෙම සැකකරුවන් ති‍දෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරන්නේ.

තෙඹුවන හා මොරොන්තුඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් 24, 39, 41 යන වයස්වල පසුවනවා.

මොවුන් සතුව තිබී ක්‍රියාකාරී නොමැති ටී 56 වර්ගයේ ගිනි අවියක්, හිස් පතරොම් ගැබ් 2ක්, ජීව පතරොම් 4ක්, කේරළ ගංජා කිලෝග්‍රෑම් 1ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන මුදල් රුපියල් 340,000ක් හා මෝටර් රථයක් ද පොලිස් භාරයට ‍ගෙන ඇති බවයි වාර්තා වන්නේ.