web hit counter
පනත්කෙටුම්පත් 04 කට කථානායකවරයාගේ සහතිකය

පනත්කෙටුම්පත් 04 කට කථානායකවරයාගේ සහතිකය

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 04ක් සඳහා ඊයේ (23) සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඇටෝර්නි බලතල (සංශෝධන), වංචා වැළක්වීමේ (සංශෝධන), සමථ මණ්ඩල (සංශෝධන) සහ ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ කාර්යාල යන පනත් කෙටුම්පත්වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කර තිබේ.

ඒ අනුව, උක්ත පනත් කෙටුම්පත් 2024 අංක 01 දරණ ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වූ කාර්යාල පනත, 2024 අංක 02 දරණ සමථ මණ්ඩල (සංශෝධන) පනත, 2024 අංක 03 දරන ඇටෝර්නි බලතල (සංශෝධන) පනත සහ 2024 අංක 04 දරණ වංචා වැළැක්වීමේ (සංශෝධන) පනත ලෙස ඊයේ (23) සිට බලාත්මකවේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )