ව්‍යාජ ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ස්ථාන තුනක් වටලයි – යතුරුපැදි 41ක් පොලිස් බාරයට

ව්‍යාජ ලේඛන සකසා යතුරුපැදි අලෙවි කරන ස්ථාන තුනක් වටලයි – යතුරුපැදි 41ක් පොලිස් බාරයට

නීති විරෝධී ලෙස කොටස් එකලස් කර සකස් කර යතුරුපැදි සකස අලෙවිකරන ජාවාරමක් පානදුර වලාන දූෂණ මර්ධණ ප්‍රහාරක ඒකකය විසින් වටලා තිබේ.

මෙලෙස එකලස් කරන යතුරුපැදි ව්‍යාජ ලේඛන සකසා අලෙවි කර ඇති බවද හෙළිවී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සදහන් කළේය කුරුණෑගල, වාරියපොල හා මාස්පොත ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් මෙම ජාවාරම සිදුවන බවයි.

පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (25) මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී යතුරුපැදි අලෙවි කරනු ලබන ස්ථාන 3ක් වටලා ඇති අතර, එහිදී යතුරුපැදි 41ක් අත්අඩංගුවට ගෙන ඇත.

එම මධ්‍යස්ථානවල හිමිකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම් වලදි මෙම යතුරුපැදි කුරුණෑගල ප්‍රදේශයේ වාහන අමතර කොටස් ආනයනය කරනු ලබන ව්‍යාපාරිකයෙකු විසින් යතුරුපැදි අමතර කොටස් ලෙස ගෙන්වා එකලස් කර මෙම අලෙවි මධ්‍යස්ථාන වෙත විකුණා ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මෙම ආයතන වලින් මිලදී ගත් යතුරුපැදි ලියාපදිංචි කර ගැනීමට නොහැකි බවද ගැණුම්කරුවන් විසින් පෙන්වා දී ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් වාරියපොල හා කුරුණෑගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

යතුරුපැදි අලෙවි මධ්‍යස්ථානයන්හිදී අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදි වැඩිදුර විමර්ශන සඳහා එම අලෙවි මධ්‍යස්ථානය අයත් පොලිස් වසම අනුව වාරියපොල සහ කුරුණෑගල පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇත.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ සමන්තිලක වැලිවිට මහතාගේ නියෝග පරිදි ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍ර. පො. ප. මහේන්ද්‍ර සිරිවර්ධන, පො. ප. ජනිත සම්පත්, උ. පො. ප. සඳරුවන් ජයවීර, ප්‍රේමසිරි, සුපුන් පො. සැ. 30115 කරුණාදාස, 409 විජේරත්න, 428 ජයලාල්, 51068 පුෂ්පකුමාර, 1445 බටුවත්ත, 38713 ක්‍රිෂාන්ත, 75056 ඉන්දික, පො. සැ. රි. 6462 බණ්ඩාර, පො. කො. 35039 මධුසංක, 39850 අශාන්, 65921 චමින්ද, 66717 විජේරත්න, 77090 බාලසූරිය, 84889 උදය කුමාර, 87119 අමිල, 87154 තෙන්නකෝන්, 90452 ලෝකනාදන්, 91287 සංජීව, 91305 රශ්මික, 93681 ජයසේකර, 94009 සියන්ත, 100677 ලක්ෂිත, 104327 දිල්ශාන්, 104547 කුරුකුලසූරිය, 104644 තිලකරත්න, 104891 හිරුෂාන්, 105086 කේසුමාරන්, 104914 වෙන්මදිරාජා, 105096 කුමාර, පො. කො. රි. 16227 උදාර, 80501 තිසර, 94734 රුද්‍රිගු යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.

Share This