බත්තරමුල්ලේ ලැඟුම්හලක දී පුද්ගලයෙක් ගෙල වැලලාගෙන

බත්තරමුල්ලේ ලැඟුම්හලක දී පුද්ගලයෙක් ගෙල වැලලාගෙන

අද (11) උදෑසන 09ට පමණ බත්තරමුල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක සේවය කළ අවුරුදු 50ක පමණ පිරිමි පුද්ගලයෙක් ගෙල වැලලාගෙන මියගොස් තිබේ.

එම සිද්ධිය ඒ අවට පදිංචි කාන්තාවක් දැක තිබෙන අතර ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියට තොරතුරක් ලබා දී තිබෙන බවයි, පොලීසිය පැවසුවේ.

එම පුද්ගලයා තනිව එම ලැඟුම්හලේ සිට ඇති බවත් ඔහු එම ස්ථානය බලාගත් පුද්ගලයා බවත් ප්‍රදේශවාසීන් සඳහන් කර තිබේ.

මේ වනවිට අදාළ මරණය පිළිබඳ වැඩිදුර විමර්ශන තලංගම පොලීසිය විසින් සිදුකරනු ලබයි.