
බටලන්ද කොමිෂන් වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
මේ වන විට පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
කැබිනට් රැස්වීමේදි ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ බවද අමාත්‍යවරයා කීවේය.
ඒ අනුව, අදාළ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.