ව්‍යාජ වෙබ් අඩවි 5ක් තහනම් කෙරේ

ව්‍යාජ වෙබ් අඩවි 5ක් තහනම් කෙරේ

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එවැනි ව්‍යාජ වෙබ් අඩවි 05 ක් අන්තර්ජාලයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවයි, එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ.

මේ අතර එවැනි වෙබ් අඩවි තුළට පිවිස මුදල් වංචා කළ සිද්දීන් 35 ක් පමණ වාර්ථා වී ඇති බවද චාරුක දමුණුපොල මහතා සඳහන් කළේ ය.

Share This