ජනපතිවරණ අපේක්ෂකයා ගැන බැසිල් හා පොහොට්ටුවේ සාමජිකයන් අතර සාකච්ඡා

ජනපතිවරණ අපේක්ෂකයා ගැන බැසිල් හා පොහොට්ටුවේ සාමජිකයන් අතර සාකච්ඡා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව ඉදිරි දෙසතිය ඇතුළත රැස් කිරීමට තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි සඳහන් වන්නේ.

තවද ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙනුවෙන් පක්ෂය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බව ද පැවසේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් හමුවීමද මේ දිනවල සිදු කිරීමට නියමිතය.

කණ්ඩායම් වශයෙන් ඔවුන් හමුවන බවයි, පොදුජන පෙරමුණ සඳහන් කළේ.

එහිදී පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු මෙන්ම දිස්ත්‍රික්ක වශයෙන් මන්ත්‍රීවරුන්ට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කෙරෙන බව ද පොදුජන පෙරමුණ සඳහන් කළේ ය.