ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

උතුරු ඊශ්‍රායලයේ ලෙබනනයට සහ සිරියාවට ආසන්නව ඇති නගරවලට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බැවින් එම ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් නිසිපරිදි අනුගමනය කළයුතු බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දීමක් කර ඇත.

ලෙබනනය සහ සිරියාවට ආසන්නයේ ඇති නහරියා, අකෝ, හයිෆා, තිබෙරියා, නසරිත් ඇතුළු ගම්මාන ආසන්නයට ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින බවට ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කරයි.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිකයින් ලබාදී ඇති ආරක්ෂක උපදෙස් අනුගමනය කරන ලෙසත් ඖෂධ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ළඟ තබාගන්නා ලෙසත් ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම් දෙයි.

කෙසේ වෙතත් ඊශ්‍රායල් රජය විසින් ආරක්ෂක හමුදා එම ප්‍රදේශවෙත යොමුකර ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බව තානාපති කාර්යාලය පැවසීය.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍රදේශවල ජීවත්වන ජනතාවට දකුණු ප්‍රදේශ වෙත ඉවත්වීම සඳහා ඊශ්‍රායල රජය විසින් පැය 24ක කාලයක් ලබාදී තිබේ.

Share This