බඩා රංජි ඝාතනයේ තොරතුරු රැසක් එළියට

බඩා රංජි ඝාතනයේ තොරතුරු රැසක් එළියට

දැනට ඉන්දියාවට පලා ගොස් සැඟවී සිටින පාතාල ප්‍රබලයෙක් වූ පූකුඩුකන්නාගේ සමීපතම ගෝලයෙක්වන සෙන්දිල් ශන්මුගම් දුෂ්‍යන්තන් නොහොත් බඩා රංජි නැමැත්තා ඝාතනය වන්නේ කංජිපානි ඉම්රාන් විසින් මෙහෙයවූ කුලී ඝාතකයින් තිදෙනෙක් විසින් බව අපරාධ විමර්ශන අංශ ආරංචි මාර්ග පවසයි.

බඩා රංජි යනු පූකුඩු කන්නාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයනු ලබන ප්‍රධානියා මෙන්ම මුදල් පරිපාලකයා වශයෙන් කටයුතු කරනු ලබන සමීපතමයෙක් බවද විමර්ශන අංශ කියයි.

ඩුබායි සිට බරතල මෙයෙහුමකින් පසු සන්දර්ශන පවත්වා ලංකාවට රැගෙන විත් සිටි කංජිපානි ඉම්රාන් අධිරක්ෂිත බන්ධනාගාරතව සිට ඇප මත නිදහස ලබා දෙදිනක් තුළ රටින් පැනගියේය.

දැන් නැවත වරක් සිය පාතාල මෙහෙයුම් ආරම්භ කර ඇති කංජිපානි ඉම්රාන් විසින් මෙම වෙඩි තැබීමට බඩා රංජිව ඉලක්ක කරගන්නේ සිය පියා වන මොහොමඩ් නජීම් ඉලක්කකර කලකට ඉහත මාලිගාවත්ත ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියට පළිගැනීමක් ලෙස බවට අපරාධ විමර්ශන අංශවලට තොරතුරු ලැබී තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් ඔත්තු බලා එය සම්බන්ධීකරණය කර ඇත්තේ බඩා රංජි විසින් බවට තොරතුරු ලැබී ඇත.

ඊයේ (15) රාත්‍රියේ මෝදර රන්දිය උයන නිවාස සංකීර්ණයට ත්‍රිරෝද රියකින් පැමිණි දෙදෙනකු සිදු කළ වෙඩි තැබිමකින් මෙම පුද්ගලයා මිය ගොස් ඇත. ඔහු මියගොස් ඇත්තේ කොළඹ ජාතික රෝහලට රැගෙන යමින් සිටියදීය.

වැඩිදුර පරීක්ෂණ මීජයසෙවන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිස්ස මල්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවෙමින් ඇත.

කෙසේ වෙතත් යුක්තිය මෙහෙයුම පවතිද්දී පාතාලයට සම්බන්ධ ඝාතන රැසක් බස්නාහිර පළාත තුළම සිදුවූයේය. හංවැල්ල ඝාතන දෙකක්, වැල්ලම්පිටිය ඝාතනයක්, පුද්ගලික ආරවුලක ගිණුමට බැර කළ කෙසෙල්වත්තේ දී සිදුවූ ඝාතනයක් ද ඊයේ සිදුවූ මිහිජය සෙවන ඝාතනය ද එම ඝාතනවලට එක් වී තිබේ.

මීට අමතරව පාතාලයේ වෙඩි තබා බියවැද්දීම්වලට අදාල සිද්ධි කීපයක් ද වාර්තා වී ඇත.