විදෙස් ශිෂ්‍යයින් සඳහා ඔස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

විදෙස් ශිෂ්‍යයින් සඳහා ඔස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි

විදෙස් ශිෂ්‍යයින් සඳහා වීසා නීති දැඩිකිරීම මෙම සතියේ සිට ක්‍රියාත්මක කිරීමට ඕස්ට්‍රේලියාව තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් එම තීරණය ගෙන ඇත්තේ, ඕස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයින් ගණන විශාල ලෙස වැඩිවී ඇති බවට නවතම දත්ත වාර්තා වලින් හෙළිවූ පසුබිමකය.

මෙලෙස සංක්‍රමණිකයින්ගේ පැමිණීම වැඩිවීම හේතුවෙන් එරට තුළ කුලී නිවාස වෙළෙඳපොල තරගකාරීත්වය නොසිතූ ලෙස වර්ධනය වී තිබේ.

උපාධිධාරී වීසා සහ ශිෂ්‍ය වීසා සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා අවශ්‍යතාවය තවත් වැඩිකර ඇති අතර ජාත්‍යන්තර ශිෂ්‍යයින් සඳහා පහසුකම් සලසන සමාගම්, නීති දිගින් දිගටම කැඩුවොත් එම සමාගම්වල කටයුතු අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු රජයට බලය පවරා තිබේ.

Share This