අනියම් සබඳතාවක් මත කළ පහර දීමකින් 5ක් රෝහලට

අනියම් සබඳතාවක් මත කළ පහර දීමකින් 5ක් රෝහලට

අනියම් සබඳතාවයක් හේතුවෙන් ඇති වූ ආරවුලක් මත කිලිනොච්චිය රාමනාද පුරම් ප්‍රදේශයේ පදිංචි පස්දෙනකුට තියුණු ආයුධ වලින් පහරදී බරපතල තුවාල සිදුකළ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.

මෙසේ තුවාල ලබා ඇත්තේ අවුරුදු 28 සහ 30 වයස්වල පසු වන පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ අවුරුදු 28, 30 හා 50 වියේ පසුවන කාන්තාවන් තිදෙනෙකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය හා වටිට කච්චි ප්‍රදේශවල පදිංචි අවුරුදු 24, 33 හා 59 වියේ පසුවන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.