ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත් අභියෝග භාර ගැනීමට සූදානම් – පාඨලී

ජනපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත් අභියෝග භාර ගැනීමට සූදානම් – පාඨලී

ජනාධිපතිධුර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට සිදුවුවහොත්, අභියෝගය භාරගන්නා බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරයි.

දේශය වෙනුවෙන් එක්වන පියවරක් මත පදනම්ව පුළුල් දේශපාලන සන්ධානයක් ඇතිකිරීම අපේක්ෂාව බව ඒ මහතා පවසයි.

එහිදී එක්සත් ජනරජ පෙරමුණ කොටස්කරුවෙකු පමණක් බවත්, පොදු එකඟතා මගින් දේශපාලන සන්ධානය පවත්වාගෙන යාම අරමුණ බවත් චම්පික මහතා පැවසීය.

එහිදී සාමූහික නායකත්වයක් නිර්මාණය කෙරෙන අතර ඒ යටතේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සහ අපේක්ෂකයා තෝරා ගැනීම සිදුවනු ඇතැයි රණවක මහතා පෙන්වා දෙයි.

රටේ අර්බුද විසඳීමට ඉදිරිපත්ව, ජනාධිපතිධුරාපේක්ෂකයා වෙන්නැයි සාමූහික නායකත්වය ඉල්ලා සිටියහොත්, අභියෝගය භාර ගැනීමට සූදානම් බවත් රණවක මහතා සඳහන් කරයි.