කඳුකර කොටියකුගේ පහර දීමෙන් වතු කම්කරුවෙකුට තුවාල

කඳුකර කොටියකුගේ පහර දීමෙන් වතු කම්කරුවෙකුට තුවාල

කඳුකර කොටියකුගේ පහර කෑමට ලක්වූ වතු කම්කරුවෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමේ පසු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඔය මුලික රෝහලට මාරු කර යැවු බව බගවන්තලාව ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ඒ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය.

බ්‍රිඩ්වෙල් තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවෙක් අද (24) තේ වත්තේ රැදි සිටි කදුකර කොටියෙකුගේ පහරකෑමට ලක්ව තිබේ.

කදුකර කොටියා රක්ෂිතයට පලවා හැරිමට පියවර ගන්නා ලෙස නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බවද බගවන්තලාව පොලිසිය පැවසිය.

වතු කම්කරුවන් සුරතලේට ඇති කරන සුනඛයින් එම වතු කම්කරුවන් සමග තේ වත්තට පැමිණෙන බවත්, එසේ පැමිණෙන සුනඛයන් ගොදුරු කර ගැනිම සදහා තේ වත්තට පැමිණෙන කදුකර කොටින් එම ගොදුර දඩයම් කිරිමට බාධ කරන ඕනැම අයෙකුට පහර දි තුවාල සිදු කර ගොදුර රැගෙන යන බව නල්ලතන්නිය වනජිවි කාර්යාලය කියයි.

Share This