ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය නරියාකන්ද ධාවන පථයේ දී

ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලිය නරියාකන්ද ධාවන පථයේ දී

වසර පහක දීර්ඝ නිහඬියාවකින් පසුව මෙවර ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය අප්‍රේල් මස 21 වැනිදා දියතලාව නරිකන්ද ධාවන පථයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා දේශීය හා විදේශීය තරග කරුවන් දෙසීයකට අධික සංඛ්‍යාවක් සහභාගි වීමට නියමිතයි.

මෙවර තරගකාරී යතුරුපැදි සහ මෝටර් රථ ඉසව් විසිපහක් ඔස්සේ දාවකයින්ගේ සහජ කුසලතාවයන් සහ තරගකාරීත්වය මෙහිදී ප්‍රදර්ශනය කිරීමට සූදානම් බව තරගාවලිය පිළිබඳ පැවැති මාධ්‍ය හමුවේදී මේජර් ජනරාල් තුෂාර මහතා පැහැදිලි කලා.

මෙම තරගාවලිය ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨය සහ ශ්‍රී ලංකා ඔටෝ මොබයිල් ස්පොට්ස් සමාගම එක්ව නිධාන කටයුතු කරනවා..

ප්‍රේක්ෂකයන් වෙත අද්විතීය තරග අත්දැකීමක් ලබාදීමට මෙම තරගාවලියේදී හැකි වෙනු ඇතැයි මේජර් ජනරාල් තුෂාර මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා.

 

Share This