කොස් ගෙඩියක් කඩා ගත්තැයි නරුම පුතෙක් මවගේ ඔලුව පලලා

කොස් ගෙඩියක් කඩා ගත්තැයි නරුම පුතෙක් මවගේ ඔලුව පලලා

ආහාරය සඳහා කොස් ගෙඩියක් කඩා ගත් මොණරාගල , දොඹගහවෙල , හෙරලි ගස්යාය ප්‍රදේශයේ මවකට ඇගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දී තිබේ.

පහරදීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් මේ වනවිට අදාළ මව සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පහරදීම සිදුකළ සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිඳ සහ දරුවාද සමඟින් ප්‍රදේශයෙන් පළා ගොස් තිබේ.

මව සහ පියා විසින් ඉදිකළ නිවස සහ ඉඩම ද ඔහුට ලබා දී ඇති අතර මව්පියන් කුඩා නිවසක් ඉදිකර ගෙන වෙනම ජීවත්ව සිට තිබේ.

රාත්‍රි ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට විදුලි පන්දමකින් පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ මවට දරුවන් තිදෙනෙකු සිටින අතර පහරදුන් පුත්‍රයාට ද දරුවෙක් සිටින බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

Share This