අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා හෙට සිට

අස්වැසුම ප්‍රතිලාභීන්ට දීමනා ගෙවීම හෙට (28) සිට ආරම්භ කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.

ඒ අනුව, සියලු ගැටලු විසඳා අවසන් වූ ප්‍රතිලාභීන්ට මෙම දීමනා පළමු අදියරේ දී ම ලබා ගැනීමට හැකිය.

මුදල් මුදා හැරීමේ ගැටලු මතුවීමත් සමඟ ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාදයන් සිදු විය.

කෙසේ වෙතත් මේ වනවිට සුබ සාධක මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත් වීමත් සමඟ එම ගැටලු නිරාකරණය කර තිබේ.

Share This

COMMENTS

Wordpress (0)
Disqus (0 )