මට්ටක්කුලියේ ඝාතනයට උපකාරක පන්ති ගුරෙක්, පාසල් සිසුවෙක් ඇතුලු 5 ක් අල්ලයි

මට්ටක්කුලියේ ඝාතනයට උපකාරක පන්ති ගුරෙක්, පාසල් සිසුවෙක් ඇතුලු 5 ක් අල්ලයි

මට්ටක්කුලිය, ජෝර්ජ් පීරිස් මාවතේ දී පුද්ගලයකුට ආයුධයකින් පහරදී ඝාතනය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු, පාසල් ශිෂ්‍යයකු සහ ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු මට්ටක්කුලිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ඝාතනය කර තිබුණේ, මට්ටක්කුලියේ පදිංචිව සිටි ආර්. ආර්.එම්.පීරිස් නැමැති 36 හැවිරිදි අයෙකි.

පසුගිය විසි පස් වෙනි දින මොහුට තියුණු ආයුධවලින් පහර පහරදී ඝාතනය කර තිබිණි යැයි පොලිසිය කියයි.

දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමකින් පසු මෙම ඝාතනය සිදුවී ඇති අතර මියගිය අයගේ විරුද්ධවාදී පාර්ශවයේ බව කියන අයකු ද මෙහිදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.