බඩෝවිට අසංකගේ ගෝලයෙකු යුක්තියෙන් අල්ලයි

බඩෝවිට අසංකගේ ගෝලයෙකු යුක්තියෙන් අල්ලයි

මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයෙකු හෙරොයින්, කේරළ ගංජා සහ ආයුධ රැසක් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකායේ අත්අඩංගුවට පත් ව තිබේ.

යුක්තිය මෙහෙයුමට සමගාමී ව ඊයේ (06) සිදු කළ වැටලීමකින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06ක්, කේරළ ගංජා ග්‍රෑම් 10ක්, මුදල් රුපියල් 467,000ක්, කඩු 05ක් සහ උල් ආයුධයක් ද තිබුණු බව වාර්තා වේ.

සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 35ක පුද්ගලයෙකි.