අරුණ අද ඔලිම්පික් පිටියට

අරුණ අද ඔලිම්පික් පිටියට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ මූලික වටයේ තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අරුණ දර්ශන අද (04) තරඟ වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 10.35ට එම ඉසව්ව ආරම්භ වන අතර අරුණ එහි මූලික වටයේ පස්වන තරග ඉසව්ව සඳහා සහභාගී වන බව සඳහන්.

අරුණ එහිදී නව වන මං තීරුවේ ධාවනයේ යෙදීමට නියමිතයි.

මූලික වටයේ තරග 6ක් පැවැත්වෙන අතර ඉන් පළමු, දෙවන හා තෙවන ස්ථාන දිනාගන්නා ක්‍රීඩකයන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගනියි.

සෙසු ක්‍රීඩකයන්ට repechage තරග වටයට අවස්ථාව හිමි වන අතර ඉන් ඔවුන්ට ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමිවන බවයි, වාර්තා වන්නේ.

මේ තර­ග­යේදී ලොව අති­දක්ෂ ක්‍රීඩ­ක­යන් 48ක් මූලික වට 6කින් තර­ග­යට එක්වන අතර, එයින් 24ක් අව­සන් පූර්ව වට­යට තෝරා ගැනී­මට නිය­මි­තය.