ත්‍රීවීල් 21ක් සොරකම් කර විකුණා ලබුනු මුදලින් කාන්තාවන් ඇසුරු කල අයෙක් අත්අඩංගුවට

ත්‍රීවීල් 21ක් සොරකම් කර විකුණා ලබුනු මුදලින් කාන්තාවන් ඇසුරු කල අයෙක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ අසල නවතා තිබෙන තීරෝද රථ සොරාගෙන මුහුණු පොත හරහා ඉතා අඩු මුදලට අලෙවි කර කාන්තා ඇසුරු සඳහා මුදල් වැය කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.

සැකකරු මාස 8 ක් තුළ රුපියල් කෝටියක් පමණ වටිනා තීරෝද රථ 21 ක් සොරා ගෙන තිබූ බව පොලිසිය කියයි.

එම තීරෝද රථවලින් හයක් සහ ඉතිරි තීරෝද රථවල සියලු කොටස් පොලීසිය මගින් සොයාගෙන ඇත.

තීරෝද රථයක් අඩු මුදලට විකිණීම සඳහා පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයට පැමිණ සිටින බවට දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ඔත්තුකරුවෙකු ලබාදුන් තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම සොරකම් වැල අනාවරණය වූ බව පොලිසිය කියයි.

Share This