දොම්පේ කුඹුරකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

දොම්පේ කුඹුරකින් තරුණයින් දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවෙයි

දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි.

පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මළසිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.

ඔවුන් දෙදෙනා පසුගිය 22 වනදා ඔවුන්ගේ නවාතැන්පොළින් පිටව ගොස් නැවතත් නොපැමිණීම හේතුවෙන් එම නවාතැන්පොළේ සිටි පුද්ගලයෙකු විසින් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.