තීරු බදු නොගෙවා පන්නා ගෙන ගිය ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් පෑලියගොඩදී අත්අඩංගුවට

තීරු බදු නොගෙවා පන්නා ගෙන ගිය ජංගම දුරකථන ඇතුළු භාණ්ඩ තොගයක් පෑලියගොඩදී අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යමින් සිටි ජංගම දුරකථන .දුරකථන උපාංග හා අත් ඔරලෝසු තොගයක් තොගයක් පෑලියගොඩ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කළ වැටලීමක දී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

එම භාණ්ඩ කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ 12 සහ වත්තල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකු ද භාණ්ඩ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බලකාය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

අත් අඩංගුවට ගත් භාණ්ඩ අතර Redmi 12c ජංගම දුරකථන 100ක්, . Redmi 12 ජංගම දුරකථන 15 ක්, Iphone 11ක්, Galaxy M04 ජංගම දුරකථන 25ක් , Galaxy Tab 04ක්, Galaxy A04 ජංගම දුරකථන 20ක්, Galaxy F13 ජංගම දුරකථන 04ක්, Notc 12 Pro+ ජංගම දුරකථන 02ක්, Galaxy Z Fold 05 ජංගම දුරකථන 01ක්, Galaxy A14 ජංගම දුරකථන 04ක්, Galaxy A54 5g ජංගම දුරකථන 20ක්, Galaxy M34 5g ජංගම දුරකථන 05ක්,Galaxy S 23 5g ජංගම දුරකථන 04 ක්, Galaxy A34 5g ජංගම දුරකථන 26 ක්,. කොටස් ලබා ගැනීම සදහා ගෙන්වන ලද දුරකථන 77 ක්, ඇපල් ඔරලෝසු 06ක්, ගැලැක්සි ඔරලෝසු 01 ක්, ඇපල් අල්ට්‍රා ඔරලෝසු 01 ක්, දුරකථන චාජර් 20 ක්, බ්ලුටූත් හෑන්ඩ්ෆී 01 ක්,බැක් කවර 35 ක්, වේ.