අරලියගහ මැදුර ඉදිරිපිටදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

අරලියගහ මැදුර ඉදිරිපිටදී සුඛෝපභෝගී මෝටර් රථයක් අනතුරට ලක්වෙයි

ගාලු මුවදොර දෙස සිට කොල්ලුපිටිය දෙසට ධාවනය කරමින් තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් අද (07) අලුයම කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අනතුරට ලක්ව තිබේ.

පොලිසිය පැවසුවේ, රියැදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ගාලු පාරේ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පාර මැද පිහිටි දූපත කොටසේ වැදීමෙන් එය පෙරලී ගොස් තිබුණි.

අනතුරින් මෝටර් රථයේ ගමන්කළ අයට හානියක් සිදුව නොමැති අතර මෝටර් රථය පැදවූ රියැදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොල්ලුපිටිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

Share This