ගම්පහ වෙඩි තැබීමක් – අයෙක් මරුට

ගම්පහ වෙඩි තැබීමක් – අයෙක් මරුට

ගම්පහ කටුගස්තර ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, අද පස්වරු 04ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් තිබේ.

පිස්තෝල ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර ගම්පහ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

Share This