
වෛද්‍යවරිය අපයෝජනය කළ සැකකරුගේ සහෝදරිය සහ තවත් අයෙක් අත්අඩංගුවට
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුගේ සහෝදරිය සහ තවත් අයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12) රාත්‍රියේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි, පොලීසිය පැවසුවේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව මත මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් වෛද්‍යවරියව දූෂණයට ලක්කිරීමෙන් පසුව සොරකම් කරන ලද බව කියන දුරකථනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
මෙලෙස අත්අඩංගුවට ගත් කාන්තාව 37 හැවිරිදි තිදරු මවක වන අතර, පිරිමි පුද්ගලයා 27 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය පැවසුවේය.
මේ අතර අදාළ වෛද්‍යවරිය දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අද (13) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
සැකකරු ඊයේ දිනයේ ගල්නෑව ප්‍රදේශයේ රක්ෂිතයක සැඟව සිටියදී ගල්නෑව පොලීසිය සහ අනුරාධපුර පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් එක්ව සිදුකළ සෝදිසියකදී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු මේ වන විට අනුරාධපුර පොලිස් ස්ථාන භාරයේ පසුවේ.