අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

“නිර්නාමික EEE” යන නාමයෙන් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා පද්ධතියේ ආරක්ෂක දෝෂ ඉස්මතු කරමින් අනවසර ප්‍රවේශය සඳහා සමාව ඉල්ලා තමන් සැලකිලිමත් පුරවැසියෙකු සහ උසස් පෙළ ශිෂ්‍යයෙකු බව පවසමින් පණිවිඩයක් තබා ඇත.

එහි සඳහන් වන්නේ,

“මගේ නම Anonymous EEE මම දැනට උසස් පෙළ හදාරනවා. ඔබගේ වෙබ් අඩවියට අනවසරයෙන් ප්‍රවේශ වීම ගැන කණගාටුයි. නමුත් ඔබගේ වෙබ් අඩවියේ යම් ආරක්‍ෂක දෝෂ ඇත. ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස මම මෙය වාර්තා කරන්නේ මගේ රටේ ආරක්‍ෂාව වෙනුවෙනි. එය නිවැරදි කරන්න, ස්තූතියි”

මේ අතර, මේ සම්බන්ධයෙන් හදිසි විමර්ශනයක් කරන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා පැවසීය.

කෙසේවෙතත්, ඉන් අමාත්‍යාංශ වෙබි අඩවියේ දත්තවලට හානියක් සිදුවී නොමැති බව මේ වනවිට කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇතැයි ඔහු සඳහන් කළේය.