
අනුරාධපුර රෝහලේ වර්ජනය අවසන්
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරඹු වර්ජනය අද (13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසිය.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා සමඟ පළාත් සභා සංකීර්ණයේ අද (13) පැවති සාකච්ජාවෙන් අනතුරුව මෙම තිරණය ගත්බවත් වෛද්‍ය අජන්ත රාජකරුණා මහතා පැවසීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ ආරක්ෂාව තහවුරු කිරීමට පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගන්නා බවට මෙහිදී පොරොන්දු වීම හේතුවෙන් වර්ජනය නිම කොට වෛද්‍යවරු රාජකාරියේ නිරත වන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසිය.
මේ අතර, අදාළ සිදුවීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දිවයිනේ සියලු රෝහල්වල ආරම්භ කළ සංකේත වැඩවර්ජනය ද අද (13) පෙරවරු 8.00 අවසන් වුණි.