කැනඩා මහකොමසාරිස් සහ අනුර කුමාර අතර හමුවක්

කැනඩා මහකොමසාරිස් සහ අනුර කුමාර අතර හමුවක්

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (13) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේ සිදුවූයේය.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් කාර්යාලයේ දෙවැනි ලේකම් (දේශපාලන) පැට්‍රික් පිකරින් (Patrick Pickering) සහ ජාතික ජන බලවේගය ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරුද එක්ව සිටියහ.

මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින සමාජ ආර්ථික හා දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් වූ අතර ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ සැලසුම් පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවීම සඳහා අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදී කැනඩා⁣වේ සංචාරයක නිරත වන බවද මෙහිදි කොමසාරිස්වරයා ට දැනුම් දුන් අතර ඒ සඳහා ඔහු දිසානායක මහතායට සුබ පැතීය.