14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ 17 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට

14 හැවිරිදි දැරියක් අපයෝජනය කළ 17 හැවිරිදි සිසුවෙක් අත්අඩංගුවට

මහරගම ජීවත්වන බාලවයස්කාර පාසල් සිසුවියකට ලිංගික අතවර කළ 17 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

14 හැවිරිදි දැරිය බරපතල ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව 17 හැවිරිදි දරුවාට එල්ල වී තිබේ.

සැකකරු සහ අපයෝජනයට ලක් වූ දැරිය මහරගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසල්වල ඉගෙනුම ලබන සිසුන් වන අතර ඔවුන් පසුගිය වසරේ සිට ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බව මහරගම පොලිසිය පවසයි.

ඔවුන් දෙදෙනා පාසලට හෝ උපකාරක පන්ති මගහරිමින් එකට කාලය ගත කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

නිවසේ තනිව සිටියදී දැරිය තම නිවසට පිරිමි ළමයාට ආරාධනා කර ඇති අතර, එම අවස්ථාවේදී ඔහු ඇයට ලිංගික අතවර කර ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

Share This