ලොරියක් පෙරළී අයෙක් මරුට – 4ක් රෝහලට

ලොරියක් පෙරළී අයෙක් මරුට – 4ක් රෝහලට

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ පොලිසිය අසලදි කුඩා ලොරි රථයක් අනතුරට ලක්ව එක් අයකු මිය ගොස් 4 දෙනෙකු තුවාල ලබා බලපිටිය මූලික රොහලට ඇතුලත් කල බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන කොංක්‍රීට් කණු වල ගැටී පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

මොරටුව ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කොංක්‍රීට් දමා බද්දේගම බලා යමින් සිටි පිරිසක් රැගන් ලොරි රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ලොරි රථයේ පිටුපස ගමන්ගත් පිරිස අතර සිටි පුද්ගලයින්ගෙන් එක් අයෙක් රථය පෙරළීමෙන් පසු කොංක්‍රීට් මැෂිමට යට වී බරපතළ තුවාල ලබා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

WhatsApp Image 2023 12 01 at 6.53.30 AM 2

Share This