“කුඩු අංජු” මෙරටට ලබා දීම කෙරෙහි ප්‍රංශයෙන් යහපත් ප්‍රතිචාර

“කුඩු අංජු” මෙරටට ලබා දීම කෙරෙහි ප්‍රංශයෙන් යහපත් ප්‍රතිචාර

ප්‍රංශ පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ වන විට එරට බන්ධනාගාරයක රඳවා සිටින කුඩු අංජු නැමැති පාතාල අපරාධකරුව මෙරටට ලබා දීම කෙරෙහි ප්‍රංශයෙන් යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව පොලිස් මූලස්ථාන තොරතුරු සඳහන් කරයි.

කුඩු අංජුව මෙරටට ගෙන්වා ගැනීමට මෙරටින් යොමු කළ යුතු සෑම ලියවිල්ලක්ම නියමිත කාල‍ෙය්දී ප්‍රංශයට යොමුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඒ සඳහා ප්‍රංශ තානාපති කාර්යාලයෙන් විශාල සහයක් ලැබුණු බවද එම නිලධාරියා පැවසීය.

අදාළ ලියකියවිලි එරටට යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස කුඩු අංජුට එරට අධිකරණයෙන් ඇප ලැබී නැති බවත් තවමත් ඔහු එරට බන්ධනාගාරයක රඳවා සිටින බවත් ප්‍රංශයෙන් නිල නොවන ලෙස දැනුවත් කර ඇති බවද එම නිලධාරියා කීය.

කුඩු අංජු සම්බන්ධයෙන් යොමු කළ ලියකියවිලිවලට අමතරව තවත් ලියකියවිලි සහ තොරතුරු ප්‍රංශයෙන් ඉල්ලා සිටි බවත් ඒ හැම දෙයක්ම මේ වන විට ප්‍රංශයට ලබා දී ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ගයාන් කුමාර වීරසිංහ

Share This