සතුන්ට ඇටවූ බඳින තුවක්කුව පත්තු වී ගොවියා මරුට

සතුන්ට ඇටවූ බඳින තුවක්කුව පත්තු වී ගොවියා මරුට

තම බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන්ගෙන් බේරා ගැනීම සදහා අටවන ලද බදින තුවක්කුවක් පත්තු වී බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කිරිමෙන් පසු මිය ගොස් ඇති බව ඇටවීරගොල්ලෑව පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, පාලික්ගම,ඇවීරගොල්ලෑව යන ලිපිනයේ පදිංචි රන්බණ්ඩාගේ එඩී දසනායක නැමති 45 හැවිරිදි දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා විසින් ඉදිගහහේන ප්‍රදේශයේ තම හේනේ වගා කර ඇති බඩ ඉරිගු හා කව්පි වගාව වන සතුන් ගෙන් බේරා ගැනිම සදහා අටවන ලද තුවක්කුව අතපසු වීමකින් ඔහුටම පත්තුවී බරපතල තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

පසුව ඔහු අසල්වාසින් විසින් කැබිතිගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව එහිදි මිය ගොස් තිබුණි.